යුද්ධ හමුදාවෙන් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

අගෝස්තු 06, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් යාපනයේ අඩු ආදායම්ලාභි පවුලකට පරිත්‍යාග කරන ලදී. යුධ හමුදා නිල වෙබ් අඩවියට අනුව පසුගිය සඳුදා (අගෝස්තු 05) දින කොඩිකාමම් හි දී පැවති උත්සවයකදී මෙම නිවස රාජරත්තිරම් ජයකුමාරි මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දී තිබේ.

15 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි හැකියාවන් සහ කුසලතාවයන් යොදාගනිමින් නිදන කාමර 2 ක කින් යුතු මෙම නිවස ඉදිකර ඇත. යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නිවස ඉදිකිරීම සදහා මූල්‍ය ආධාර භාතිය ජයකොඩි මහතා සහ චින්තක ද සොයිසා මහතා විසින් ලබා දී ඇත. අනුග්‍රාහකයන් විසින් නිවසට අවශ්‍ය නව ගෘහ භාණ්ඩ ලබා දී ඇත.

හින්දු ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව පැවති නිවස පවරාදීමේ උත්සවයට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා, අනුග්‍රාහකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ