උඩුපිඩ්ඩියේ දිළිඳු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

ඔක්තෝම්බර් 20, 2021

ශ්‍රී ලංකා යුද හමුදා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භට පිරිස්ගේ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවසක් උඩුපිඩ්ඩි ඉමායනන් ප්‍රදේශයේ පවුලක් වෙත භාර දෙනු ලැබීය.

දකුණු පළාතේ පරිත්‍යාගශීලීයෙකු වන කුමාර වීරසූරිය මහතා ඇතුළු පිරිසකගේ මූල්‍ය ආධාරයෙන් 4 වන ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකරන ලද මෙම නිවස උඩුපිඩ්ඩියේ සෙල්වසන්නදී දර්ශනී මහත්මියට ලබාදී ඇති බව හමුදා ආරංචි මාර්ග පැවසීය.

ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ භට පිරිස් නිවස භාරදීමේ අවස්ථාව සඳහා සහභාගී වුහ.