කිලිනොච්චි භට පිරිස් විසින් “පාද යාත්‍රා” බැතිමතුන්ට ආගන්තුක සත්කාර

අගෝස්තු 08, 2019

මුලන්කාවිල් මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීම සඳහා “පාද යාත්‍රා” වන්දනාවට සහභාගීවී සිටි බැතිමතුන් පිරිසක් කිලිනොච්චි ප්‍රදේශය වෙත පැමිණි පසු කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. යුධ හමුදා නිල වෙබ් අඩවියට අනුව, වන්දනා කණ්ඩායම මඩු මංගල්‍යය සදහා සහභාගී වීමට පෙර මුලන්කාවිල්හි අගෝස්තු 4 සහ 5 වන දින පැවති මංගල්‍යයට සහභාගී වීම සඳහා එහි පැමිණ ඇත.

යුධ හමුදාව විසින් බැතිමතුන්ගේ ගමන් වෙහෙස නිවාගැනීම සඳහා ආහාරපාන ලබාදෙන ලද අතර, මඩු පල්ලියට යන ගමන අතරතුර පාලියාරු හි දී ඔවුන්ට පානීය ජලය ලබා දෙන ලදී