ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්චාවක් පවත්වයි

අගෝස්තු 10, 2019

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් ඊයේ (අගෝස්තු 09) දින සවස බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම ආයතන ශ්‍රවනාගාරයේදී වට මේස සාකච්චාවක් පවත්වන ලදි.

දකුණු ආසියාවේ ජාත්‍යන්තර ආරක්‍ෂක ගැටළු: ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව (THE INTERNATIONAL SECURITY ISSUES IN SOUTH ASIA: BILATERAL COOPERATION BETWEEN SRI LANKA AND BANGLADESH) යන මාතෘකාව යටතේ පැවති මෙම සාකච්චාව ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලාහ් මැතිතුමා (HE Mr. Riaz Hamidullah), බංග්ලාදේශ ව්‍යවසායකතව ආයතනයේ පර්යේෂණ අධ්‍යක්‍ෂ මහාචාර්ය ෂහබ් එනම් (Shahab Enam) සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක කසුනි රණසිංහ ඇතුළු ප්‍රවීන විද්වත් මණ්ඩලයක් විසින් මෙහෙය වන ලදී.

මෙම සාකච්චාව සදහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් සහභාගී විය