හමුදා සම්බන්ධතා නිළධාරී ආරක්‍ෂක උපදේශකයින්ගේ රැස්වීම මෙහෙයවයි

අගෝස්තු 13, 2019

ආරක්‍ෂක උපදේශකයින්ගේ අර්ධ වාර්ෂික රැස්වීම බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) දින හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී ජේ කොඩිතුවක්කු මහතා විසින් මුලසුන දැරූ අතර රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සඳහා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල ආරක්‍ෂක උපදේශකයින් සහභාගී විය.

ත්‍රිවිධ හමුදාවේ ඡ්‍යේෂ්ඨ නිළධාරීන් සහ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ නිලධාරියකු විසින් රටේ වර්තමාන ආරක්‍ෂක තත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර ඉන් අනතුරුව සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ඩී එම් ඒ පී දිසානායක ඇතුළු ඡ්‍යේෂ්ඨ හමුදා නිළධාරීන් සහභාගී වූහ.