මුලතිව් පෙර පාසලක් නවීකරණයට යුධ හමුදාවේ සහාය

අගෝස්තු 13, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන සේනාංකයේ 681 බලසේනාව යටතේ රාජකාරී කරන 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් පසුගිය අගහරුවාදා (අගෝස්තු 06) දින මුලතිව් කලෙයිවානෙ අම්පලවාන්පොක්කනෙයි ප්‍රදේශයේ පෙර පාසලක් සඳහා එළිමහන් ක්‍රීඩා පහසුකම් සංවර්ධනය සඳහා එනම් ළමා ක්‍රීඩා පිටියට නව අංගයන් එක් කිරීමට ඔවුන්ගේ පලපුරුද්ද සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

පෙර පාසල් බලධාරීන්ගේ ඉල්ලීමට අනුව පෙර පාසල සඳහා යුධ හමුදාව විසින් මෙම දායකත්වය ලබා දෙන ලදී

මේ අතර මෑතකදී ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට බලපෑ තද සුළං තත්වය හේතුවෙන් කඩා වැටී තිබූ විශාල ගසක් ඉවත් කිරීමට භඨ පිරිස් ක්‍රියා කරන ලදී.මහා මාර්ගය හරහා වැටීතිබූ මෙම ගස නිසා වාහන ගමනාගමනයද අඩාල වී තිබුණි. ඇති වූ හදිසි තත්වය මත යුධ හමුදා සෙබළුන් 40ක කණ්ඩායමක් විසින් මෙම ගස කපා ඉවත් කර ගමනාගමනය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී.