රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 09, 2022

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද ( පෙබරවාරි 09) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

තානාපතිවරයා ප්‍රමුඛ රුසියානු දූත පිරිස ආරක්ෂක ලේකම් විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්විකව වැදගත් කරුණු සහ හමුදා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳව අවධානය යොමුවිය.
 
කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව මෙම හමුව පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) පීබීඑස්සී නොනිස් මහතා, හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( ආරක්‍ෂක II ) හර්ෂ විතානආරච්චි මහතාද සහභාගී විය.