වී ගොවින්ගේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න නෙලීම සදහා ගුවන් හමුදා සහය

පෙබරවාරි 15, 2022

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රථිපත්ති ප‍්‍රකාශයට අනූව මෙරට කෘෂිකර්මාන්තයේ නියුතු ගොවීන්ගේ ආදයම් මට්ටම උසස් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙලට සමගාමීව, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් පරිදි මොරවැව, කනුගහවැව සහ අම්පාර යන ප‍්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි ගොවි පවුල් තෝරාගෙන ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත‍්‍ර මගින් ඔවුන්ගේ ගොයම් නොමිලේ කපාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

මෙහි මූලික පියවර මොරවැව ප‍්‍රදේශයෙන් පසුගියදා (පෙබරවාරි 12) ආරම්භ කරන ලද අතර ඒ සදහා ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය හා ප‍්‍රදේශයේ ගොවි සමිති වල නිර්දේශය පරිදි අඩු ආදායම් ලාභි පවුල් 31 තෝරා ගැනින. එහි ප‍්‍රථම අදියරයේදි එක් ගොවි පවුලකට අක්කර 3 බැගින් අක්කර 93ක අස්වැන්න නෙලාදීමට නියමිතය. මෙමගින් අක්කරයකට රුපියල් 10000 බැගින් එක් ගොවි පවුලක් සදහා රුපියල් 30000ක පමණ මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව උදාවී ඇත. මෙහි දෙවන සහ තෙවන අදියරයන් පිළිවෙලින් කනුගහවැව හා අම්පාර ප‍්‍රදේශ වල ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ගුවන් හමුදාව සඳහන් කරයි.