කඩා වැටුණු මාතර එල්ලෙන පාලම යුද හමුදාව යළි ඉදිකරයි

මාර්තු 11, 2022

මෑතකදී කඩාවැටුණු මාතර පරෙවි දූපත සමග යා කෙරුණ එල්ලෙන පාලම නැවත අලුත්වැඩියා කරන තෙක් තාවකාලික විකල්ප පාලමක් ඉදිකිරීම යුද හමුදා භට පිරිස් විසින් කඩිනමින් සිදු කරනු ලබයි.

613 බලසේනාව, 4 වන ඉංජිනේරු රෙජිමේන්තුව, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුව, 16 වැඩපොළ රෙජිමේන්තුව, 12 වන ඉංජිනේරු රෙජිමේන්තුව, 12 වන ඉංජිනේරු සේවා බළකාය සහ 3 වන ගැමුණු හේවා බළකායේ භට පිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා දායක වන බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ ‘උපෝෂිතාගාරය’ පිහිටි පරෙවි දූපතේ විහාරස්ථානය වෙත බැතිමතුන්ට පැමිණීම සඳහා මෙම පාලම පහසුකම් සැලසෙන බව යුද හමුදාව තහවුරු කළේය.

Sinhala.