මාධ්‍ය නිවේදනය

අප්‍රේල් 02, 2022

මාධ්‍ය නිවේදනය

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

එම සාවද්‍ය පුවතේ දැක්වෙන ඡායාරූප පසුගිය වසරේ පැවති මිත්‍ර ශක්ති ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයේදි ප්‍රකාශයට පත් කළ නිල ඡායාරූප බවට ද හඳුනාගෙන ඇති බව ද ඔහු පැවසීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා මෙම ඉන්දීය හමුදා කණ්ඩායම ශ්‍රී ලංකාවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

තවද, ආරක්‍ෂක ලේකම්වරයා යලිත් අවධාරණය කළේ විවිධ අරමුණු සහිත මෙවැනි සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් මහජනයා කලබල නොවිය යුතු බවත්, සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණය කෙරෙහි විශ්වාසය තබා ගත යුතු බවත්ය.

ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හැකියාව තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.