අවශ්‍යතා ඇති සිසුන්ට හමුදා මැදිහත්වීම හරහා අධ්‍යාපනික සහය

අප්‍රේල් 07, 2022

මුලතිව් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුන් 47 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත අධ්‍යාපනය සඳහා දිරිගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය සඳහා අනුග්‍රහය ගරු චාල්ස් තෝමස් පියතුමා විසින් සපයන ලද අතර, එම අවස්ථාවට 592 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ආරච්චිගේ, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කන්‍යාරාමයේ ප්‍රධාන පාලිකාව ඇතුළු පිරිසක් සහභාගි වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර, 232 බලසේනාවේ භට පිරිස් සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් සහ විදෙස්ගත  පරිත්‍යාගශීලීන් එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ කායන්කුඩා, තිකිලිවැද්දායි පාසලේ අවශ්‍යතා සහිත පාසල් සිසුන් 15 දෙනෙකු සඳහා පාපැදි ප්‍රදානය කළ බව යුද හමුදාව ප්‍රකාශ කළේය.