‘Storm of Warriors’ ග්‍රන්ථය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වේ

ජුනි 02, 2022

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ‘Storm of Warriors’ නම් ග්‍රන්ථය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත මීට සුළු මොහොතකට පෙර (ජුනි 02) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී පිළිගැන්වීය.

මෙය ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තු රණශූරයන්ගේ ඡායාරූප හා වැදගත් අවස්ථා එකතුවකින් සැදුම්ලත් ග්‍රන්ථයකි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඇතුළු ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.