යුද හමුදා දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ජුලි 07, 2022

කොළඹ විශාඛා විද්‍යාලයේ පසුගියදා සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනකදී ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ලේ පරිත්‍යාග කරන ලද අතර මධ්‍යම ලේ බැංකුවේ ඉල්ලීමකට අනුව මේ සඳහා දායකත්වය ලබාදෙන ලදී.

ඒ අනුව, පාසල් කළමනාකාරිත්වය විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනාවට අයත් 142 සහ 144 බලසේනාවලට අනුයුක්ත නිලධාරීන් සහ සෙබළුන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව යුද හමුදාව පවසයි.

දිවයින පුරා රෝහල්වල පවතින උග්‍ර රුධිර හිඟය සැලකිල්ලට ගනිමින් මධ්‍යම ලේ බැංකුවේ රුධිර සංචිත පවත්වා ගැනීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි භට පිරිස් මේ සඳහා සිය දායකත්වය ලබා දුන් බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.