යුද හමුදා භට පිරිස් වඩිනාගල ප්‍රදේශයේ ලැව්ගින්න නිවා දමයි

ජුලි 12, 2022

වැල්ලවාය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් විසින් වඩිනාගල කඳුවැටියේ ශීඝ්‍රයෙන් පැතිර ගිය ලැව්ගින්නක් පාලනය කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ භට පිරිස් විසින් රක්ෂිත වනාන්තර පවතින ප්‍රදේශයට පැතිර යාමට පෙර ලැව්ගින්න නිවාදැමීමට කටයුතු කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.