වත්තල හුණුපිටියේ ඇතිවූ ගින්න නාවික හමුදාව නිවා දමයි

ජුලි 17, 2022

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන ස්ථානයක ඊයේ (ජුලි 16) සවස ඇති වූ හදිසි ගින්නක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිනි නිවන කණ්ඩායම විසින් මැඩපවත්වා ඇත.

නාවික හමුදා ගිනි නිවන භටයින් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පැතිරීම පාලනය කර සම්පූර්ණයෙන්ම ගින්න නිවා දැමීමට සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කළේය.