වැල්ලවායේ ඇතිවූ ලැව් ගින්නක් යුද හමුදාව නිවා දමයි

ජුලි 19, 2022

වැල්ලවාය, මහගොඩයාය දේවගිරි කඳුවැටියේ ඇතිවූ ලැව් ගින්නක් යුද හමුදා භට පිරිස් විසින් මැඩපවත්වා ඇත.

ඒ අනුව, 121 බලසේනාවේ භට පිරිස් අදාල ස්ථානයට පැමිණ ලැව්ගින්න මැඩපවත්වා එය යාබද රක්ෂිතයට පැතිරීම වැළැක්වීමටද කටයුතු කල බව යුද හමුදාව පැවසීය.


යුද හමුදා භට පිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් ලැව්ගින්න පාලනය කිරීම හේතුවෙන්  යාබද ප්‍රදේශවලට සිදුවීමට ගිය දැඩි හානියක් වළක්වා ගැනීමට හැකිව තිබේ.

12  වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාලගේ අධීක්ෂණය යටතේ මෙම ගිනි නිවීමේ කටයුතු සිදු කළ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.