නාවික හමුදාව තවත් ගංජා ජාවාරමක් ව්‍යර්ථ කරයි

ජුලි 20, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 19) කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 172 කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පාර්සල් 17 ක් වශයෙන් අසුරන ලද මෙම ගංජා තොගය කිලෝ 575 යි ග්‍රෑම් 600 ක් පමණ වන අතර මෙහෙයුම අතරතුර මුහුදේ දී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක තිබී අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 172 ක් පමණ වන අතර සැකකරුවන් යාපනයේ මාදගල් ප්‍රදේශයේ පදිංචි 42 සහ 51 හැවිරිදි පුද්ගලයන් බවත් ඔවුන් අත්අඩංගුවට ගත් ගංජා සහ ඩිංගි යාත්‍රාව ද සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත ඉදිරිපත් කළ බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.