යුද හමුදාවෙන් ශ්‍රී ලංකා රේගුවට නව මෘදුකාංගයක්

ජුලි 25, 2022

ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියට තවදුරටත් පහසුකම් සැලසීම සඳහා නව මෘදුකාංගයක් පසුගියදා සකස් කරන ලදි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත යුද හමුදා සංඥා බලකායේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ‘E-Memo System’ ලෙස නම් කර ඇති මෘදුකාංග විසඳුම සකස් කල බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

නව මෘදුකාංගය දියත් කිරීමේ උත්සවය රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය (විශ්‍රාමික), යුද හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකා රේගුව, ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සලකමින් සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට දැන් සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින අතර, එහි කාර්යාලීය ලිපි ද්‍රව්‍ය සඳහා වැයවන රුපියල් මිලියන 22න්  අවම වශයෙන් 50% කින් අවම කිරීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාව සඳහන් කරයි.