නාවික හමුදාවෙන් පලුගස්වැවට ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

ජුලි 25, 2022

 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රජා පරිහරණය සඳහා ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුර පලුගස්වැව මෛත්‍රීගමදී විවෘත කෙරිණි.

මෙම ප්‍රජා සුබසාධන ව්‍යාපෘතිය මගින් ගම්වාසීන්ගේ දීර්ඝකාලීන ජල අවශ්‍යතාවක් ඉටුකරමින් පවුල් 600කට පමණ ආරක්ෂිත පානීය ජලය සැපයීමට පහසුකම් සැලසෙන බව නාවික හමුදාව පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව නාවික හමුදාවේ ශ්‍රමය සහ කාර්මික විශේෂඥතාව මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දුන්නේය.