අනුරාධපුර ගුවන් හමුදා සෙබළුන්ගෙන් ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ජුලි 25, 2022

අනුරාධපුර ශික්ෂණ රෝහල විසින් කරන ලද ඉල්ලීමකට අනුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් ලේ දන්දීමේ වැඩසටහනක් රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදී.

ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනන් නොමැතිකම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර හිඟයක් පවතින බැවින්, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ භට පිරිස් ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහනට සහභාගී වූහ.