සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්
නැගෙනහිර කොළඹ මුලික රෝහලට භෞත චිකිත්සක ඒකකයක්

අගෝස්තු 04, 2022

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ ඉදිකරන ලද නව භෞතික චිකිත්සක ඒකකය සෞඛ්‍ය අමාත්‍යශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් පසුගියදා (අගෝස්තු 01) විවෘත කරන ලදී.

නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාගේ ඉල්ලීමකට අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ (විශ්‍රාමික) උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සිදුකල බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.