අධික වර්ෂාව නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ නායයාම් අවදානම් ස්ථාන නිරීක්ෂණය කිරීමට පියවර

අගෝස්තු 10, 2022

පසුගිය දිනවල පැවති වර්ෂාධික කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වු අතර නායයාම් සහ කණ්ඩි කඩාවැටීම හේතුවෙන් මාර්ග සහ පත් යටිතල පහසුකම් හානියට පත් විය. මෙම තත්වය කළමනාකරණ කරගනිමින් ජනජීවිතය යථාතත්වයට පත් කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානමට ලක් වී ඇති ස්ථාන සහ දැඩි අවදානමට ලක්වී ඇති මහාමාර්ග පරීක්ෂා කිරීමේ සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (08.09) කටයුතු කරන ලදී.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගංවතුර සහ නායයාම් ආපදා අවදානමට ලක් වූ මාර්ග සහ යටිතල පහසුකම්, නල්ලතන්නිය මස්කෙළිය මාර්ගය, නුවරඑලිය රදැල්ල මාර්ගය යන මාර්ගයන්හි නායයාම් අවදානම් ප්‍රදේශ පරීක්ෂා කිරීම සිදුකිරීමට කටයුතු කළ අතර පවතින ගැටලු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව කඩිනම් කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු කරන ලදී.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානරයේ අධ්‍යක්ෂ ජෙනරාල්, නුවරඑළිය දිස්ත්‍රික්ලේකම්, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, නුවර එලිය දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු සහ ප්‍රාදේශීය ලේකම් ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.