ඉන්දියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියේ TF42 මීටර් 100 කාණ්ඩයේ අනුශූරතාවය රණවිරු සේවා අධිකාරියේ අනිල් ප්‍රසන්න හිමිකර ගනී

අගෝස්තු 19, 2022

2022 වර්ෂයේ ඉන්දියානු පැරා මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් විසින් TF42 මීටර් 100 කාණ්ඩයේ අනුශූරතාව හිමිකර ගැනීමට අද (අගෝස්තු 19) දිනයේ දී සමත් විය.

ඉන්දියාවේ බැංගලෝර්හිදී පවත්වන ලද හතරවන ඉන්දියානු ජාත්‍යන්තර පැරා මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවූ ඔහු තත්පර 12.95 න් මීටර් 100 ඉසව්ව නිම කරමින් එහි රිදී පදක්කමක් ලබා ගැනීමට සමත් විය.