ආරක්‍ෂක ලේකම් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිරීක්‍ෂණ චාරිකාවක

අගෝස්තු 24, 2022

ආරක්‍ෂක ලේකම් ජෙ‍නරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 24) රාජගිරියේ පිහිටි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහි ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද සහභාගි විය.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති විශේෂ‍‍ඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු මහත්මිය විසින් එම මණ්ඩලයේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්‍ෂක ලේකම් දැනුවත් කරන ලද අතර එහිදී ආරක්‍ෂක ලේකම් විසින් එහි ඉදිරි වැඩ කටයුතු සඳහා උපදෙස් ලබා දුන්නේය.

මෙම රැස්වීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සාමාජිකයින් සහ නිලධාරීන් ද සහභාගී විය.