යුද හමුදා භට පිරිස් යාපනයේ තෙලිප්පලෙයි රෝගීන්ට ලේ පරිත්‍යාග කරති

අගෝස්තු 24, 2022

යාපනය අර්ධද්වීපයේ තෙලිප්පලෙයි රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යාපනයේ සිටින යුද හමුදා භට පිරිස් විසින් පරිත්‍යාග කර ඇත.

513 බලසේනාව, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 16 ගැමුණු හේවා බළකාය යටතේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ස්වේච්ඡාවෙන් මෙම රුධිර පරිත්‍යාගයට එක් වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

Sinhala.