අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4ක් මන්නාරමේදී යුද හමුදා අත්අඩංගුවට

අගෝස්තු 31, 2022

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (අගෝස්තු 31) උදෑසන මන්නාරම මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 10.4 ක ප්‍රමාණය (ආසන්න වශයෙන් රුපියල් මිලියන 150ක්) තලෙයිමන්නාරමේ සිට වන්කලෙයි ප්‍රදේශයට ඔවුන්ගේ වාහනයකින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේදී 54 වන සේනාංකයේ බුද්ධි අංශ සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගත් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.   

සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදුන් බව යුද හමුදාව තහවුරු කළේය.