අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණදීමට ගුවන් හමුදාව සූදානම්

අගෝස්තු 31, 2022

දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා ඇති විය හැකි ආපදා තත්වයන් තුලදී ආපදා සහන සඳහා ගුවන් යානා යෙදවීමට සහ පුද්ගලයින් මුදා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ උපදෙස් පරිදි මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ නිරීක්ෂණ ගුවන් යානා, හෙලිකොප්ටර් සහ විශේෂ පුහුණුව ලත් රෙජිමේන්තු විශේෂ බළකාය මේ වන විට සූදානමින් සිටින බව ගුවන් හමුදාව පවසයි.