තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

අගෝස්තු 31, 2022

නායයාම් අවදානම් සහිත කඳුකර ප්‍රදේශවල වෙසෙන ජනතාවට සහ ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස අධික වර්ෂාපතනය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවධානයෙන් සිටින ලෙස කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රියදුරන්ගෙන් ගෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දී සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකාව ආසන්නයේ පහල වායුගෝලයේ කැළඹීමක් පවතින අතර එම නිසා බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට සහ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම හෙට (සැප්තැම්බර් 01) පෙරවරු 07.00 දක්වා වලංගු වේ.