යුද හමුදාවෙන් මන්නාරම කලපු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

සැප්තැම්බර් 09, 2022

යුද හමුදා භට පිරිස් විසින් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස තල්ලඩි සිට මන්නාරම පාලම දක්වා කලපු තීරය පිරිසිදු කිරීමට පසුගියදා ශ්‍රමදානයක් සංවිධානය කරන ලදී.

54 වන සේනාංකයේ 12 වන සංවත්සරය නිමිත්තෙන් මෙම ශ්‍රමදානය සංවිධානය කල අතර ප්‍රදේශයේ ඩෙංගු වසංගතය වැලැක්වීම එහි අරමුණයි.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, භට පිරිස් සහ මන්නාරම නගර සභාවේ කාර්ය මණ්ඩලය මෙම ශ්‍රමදානයට එක්විය.