කඩුවෙල ප්‍රදේශයේ සහන මෙහෙයුම් සඳහා යුද හමුදා භට පිරිස්

සැප්තැම්බර් 09, 2022

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ කැලණි ගං ඉවුර දෙපස වැලි කොට්ට විශාල ප්‍රමාණයක් ඇතිරීමෙන් සිදුවීමට තිබූ ගංවතුර හානිය වළක්වා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් විසින් පසුගියදා කටයුතු කරන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් පරිදි 2 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් මෙම මෙහෙයුම් සිදු කරන ලද බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, මල්වාන ප්‍රදේශයේ සිසුන් පිරිසක් ගංවතුර හේතුවෙන් ගමන් කිරීමට නොහැකිව අතරමංව සිටියදී 8 වන ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්, බෝට්ටු, බස් රථ සහ මිනිස් බලය යොදවා සිසුන්ට පාසල් වෙත යාමට පහසුකම් සැලසූහ.