මඩකලපුව විනයගර් විද්‍යාල ක්‍රීඩා පිටිය ඉදිකරීම යුද හමුදාවෙන්

සැප්තැම්බර් 12, 2022

මඩකලපුව / මෑන් වෙස්ට් පාවත්කොඩිච්චේන විනයගර් විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සහ තාක්ෂණික දායකත්වය පසුගියදා ලබා දුන්නේය.

පාසල් බලධාරීන්ගේ ඉල්ලීම මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයේ 231 බලසේනාවේ 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භට පිරිස්, මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.  

පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය ආධාර මත ක්‍රීඩා පිටියේ අවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද එහි සදහන් වේ.   

මේ අතර, යාපනය මුහාවිල් ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද අතර මෙම ව්‍යාපෘතිය සදහා සීමාසහිත රීචර් ෆාම් පුද්ගලික සමාගම මුල්‍ය අනුග්‍රහය ලබාදෙන බව යුද හමුදාව තහවුරු කළේය.

එම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.