වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු පසුමූලයට ඔස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් පැමිණෙයි.

ඔක්තෝම්බර් 06, 2022

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (ඔක් 05) වැල්ලවත්තේ පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පසුමූලය වෙත පැමිණ සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම දූත පිරිස, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ පළමු ලේකම් පොලිස් පරීක්ෂක බ්‍රෙට් ශෙන්ඩර් (Brett Zehnder), පරීක්ෂක රෙබෙකා ෆ්‍රේසර් (Rebecca Fraser), පරීක්ෂක ස්ටාති වම්වොලිඩිස් (Stathi Vamvoulidis) සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ සම්බන්ධීකාරක ශෂිකා පෙරේරා මහත්මියගෙන් සමන්විත වූ බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සහය ලබා දීම සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ධාරිතා වර්ධනය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ අණදෙන නිළධාරී ද  ඔස්ට්‍රේලියානු දූත පිරිස සමඟ පැවති හමුවට සහභාගී විය.