නික්ම යන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජෙනරාල්
ආරක්ෂක ලේකම් හමුවෙයි
ඔක්තෝම්බර් 11, 2022
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජෙනරාල් තනතුරෙහි තම සේවා කාලය නිම කර නික්ම යන රියර් අද්මිරාල් අනුර ඒකනායක අද (ඔක්තෝබර් 11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
මෙහිදී පැවති සුහද සාකච්ඡාවේදී නික්ම යන වෙරළාරක්ෂක ප්‍රධානියාගේ සේවය අගය කළ ආරක්ෂක ලේකම් ඔහුගේ ඉදිරි වැඩකටයුතුවලට සුබපැතුම් ද පළ කළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
රියර් අද්මිරාල් ඒකනායක, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 6 වන අධ්යක්ෂ ජෙනරාල් ලෙස 2020 ඔක්තෝම්බර් මස 01 වන දින පත් විය.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ව්‍යාපෘති සහ සැලසුම් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන ලදී.
වසර 35ක දීර්ඝ නාවික දිවියෙන් පසු ඔහු හෙට (ඔක් 12) විශ්‍රාම යාමට නියමිතය.