ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් හමුවෙයි

ඔක්තෝම්බර් 26, 2022

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පසුගියදා පැවති ‘DefExpo 2022’ ට සමගාමීව ඉන්දීය ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු මුණ ගැසුණි.

ගුජරාටයේ ගාන්ධිනගර් හි පැවති ‘DefExpo 2022’ නැරඹීම සඳහා සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය ආරක්‍ෂක ලේකම් අජේ කුමාර් මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සුහද සාකච්ඡාවෙන් පසු රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් සහ ඉන්දීය ආරක්‍ෂක ලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

තවද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්, ඔහුගේ මෙම ඉන්දියාවේ සංචාර කාලය තුළදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අනිල් චෞහාන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරී කුමාර් සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී ආර් චෞද්රි යන නිලධාරින්ද හමුවිය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම සාකච්ඡාවන් සඳහා සහභාගී විය.

ඉන්දීය ආරක්‍ෂක ලේකම් අජේ කුමාර් මහතා හමුවීම

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අනිල් චෞහාන් මහතා හමුවීම

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ මහතා හමුවීම

ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරී කුමාර් මහතා හමුවීම

ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී ආර් චෞද්රි මහතා හමුවීම