වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ඔක්තෝම්බර් 28, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 7 වැනි අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් පූජිත විතාන අද (ඔක් 28) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

රියර් අද්මිරාල් අනුර ඒකනායක විශ්‍රාම යාමෙන් අනතුරුව පුරප්පාඩු වූ එම තනතුර සඳහා පත් කර ඇති රියර් අද්මිරාල් විතාන මෙයට පෙර ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළේය.