ආරක්‍ෂක ලේකම්ට පොපි මලක් පළඳවයි

ඔක්තෝම්බර් 28, 2022

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝබර් 28) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවූ අතර එහිදී සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් ආරක්‍ෂක ලේකම්හට පොපි මලක් පළඳවන ලදී.

පොපි දිනය පළමු ලෝක සංග්‍රාමයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජීවිත පරිත්‍යාග කළ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීම සඳහා සමරනු ලබන දිනයකි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මියගිය රණවිරුවන් සැමරීම සඳහා වාර්ෂිකව පොපි මල් දිනය සංවිධානය කරයි.

එහිදී එකතු කරන මුදල් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන ව්‍යාපෘති සඳහා වැය කෙරේ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ප්‍රධාන ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ ත්‍රිවිධ හමුදා අනුස්මරණ කමිටු සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, හෙට්ටිආරච්චි මහතා සහ රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.