වර්ෂාපතනය තවදුරටත් - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නොවැම්බර් 01, 2022

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු පළාත් ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි අතර අනෙකුත් ප්‍රදේශ වල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැක.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹීමක් හේතුවෙන් පවතින වැසි කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අනාවැකි පළ කරයි.
 
අයහපත් කාලගුණය ආශ්‍රිත සිදුවීම්වලින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහජනතාවගෙන් සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.