ආරක්‍ෂක සේවා විදුහලේ සිසුන් සඳහා වෛද්‍ය සායනයක්

නොවැම්බර් 03, 2022

කොළඹ ආරක්‍ෂක සේවා විදුහලේ සිසු දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයක්  ත්‍රිවිධ හමුදා සහ පොලිස් වෛද්‍ය කාර්ය මණ්ඩල සහභාගිත්වයෙන් විද්‍යාල පරිශ්‍රය තුල දී ඊයේ (නොවැම්බර් 02) පැවැත්විණ.

මෙයට අමතරව 6 ශ්‍රේණිය සිසුවියන් සඳහා ගැබ්ගෙල පිලිකා එන්නත්කරණය සහ 7 ශ්‍රේණියේ සියලු සිසු දරු දැරියන් සඳහා වැඩිහිටි පිටගැස්ම එන්නත්කරණය ද මේ හා සමගාමීව  පැවැත්විණ.