අගෝස්තු 30, 2019


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ  ප්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව වන “කොළඹ ආරක්ෂක සමුළුව 2019” අද (අගෝස්තු 30) දෙවන හා අවසාන දිනයට පිවිසීය.

දෙදින ජාත්‍යන්තර සමුළුව ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

සමාරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

“සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය” යන තේමාව යටතේ මෙම වසරේ සමුළුව පැවැත්වේ.

මේ වසරේ අඛණ්ඩව 9 වන වරටත් පැවැත්වෙන කොළඹ ආරක්ෂක සමුළුව සදහා විදේශීය කථිකයින් 13 ක් සහ දේශීය කථිකයින් 14 දෙනෙකුද රටවල් 42 ක් නියෝජනය කරමින් විදේශීය සහභාගීවන්නන් මේ සදහා සහභාගී වේ.