මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා අනුඛණ්ඩයේ වික්‍රමාන්විත මෙහෙයුම් සඳහා 'විශිෂ්ඨතා' පදක්කමක්

නොවැම්බර් 08, 2022

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙ‍යුම (MINUSMA) යටතේ යොදවා ඇති ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සේවය කරන යුද හමුදා භට පිරිස් වෙත ඔවුන්ගේ විශිෂ්ට වික්‍රමාන්විත මෙහෙයුම් අගයමින් විශිෂ්ඨතා පදක්කම් පසුගියදා ප්‍රදානය කෙරිණි.

මිනුස්මා නැගෙනහිර මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරල් ස්ටෙෆාන් ඇන්ඩර්සන් විසින් 'මිනුස්මා නැගෙනහිර අංශයේ විශිෂ්ඨත්වය' යන පදක්කම සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සියලුම සාමාජිකයින් වෙත පළඳවා ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලි රාජ්‍යයේ ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රතිවාදීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ හමුදා ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා තීව්‍ර කර ඇති අතර ඔවුන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙ‍යුම් සඳහා යොදවා ඇති සියලුම එක්සත් ජාතීන්ගේ භටයින්ට ප්‍රබල තර්ජනයක් වී ඇති බව ද යුද හමුදාව ප්‍රකාශ කළේය.