වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019

ජුලි 31, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ පදවිය - පරාක්‍රමපුරහිදී පසුගිය සතියේ පැවැත්විණි. යුධ හමුදා මාධ්‍යයට අනුව මෙම ප්‍රදර්ශනය ජූලි මස 26 සහ 27 දෙදින පුරා විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පදවිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම වාර්ෂික ප්‍රදර්ශනය යුධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක කුසලතා විදහා දැක්වීමට අවශ්‍ය පහසුකම් සපයයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-W) යටතේ රාජකාරි කරන භට පිරිස් විසින් නව නිර්මාණයන් 36 ක් ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබුණි. ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් නවෝත්පාදන තරඟකරුවන් 36 දෙනෙකු අතරින් තිදෙනෙකු තෝරා ඔවුන් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් ප්‍රදර්ශනය විවෘත කරනු ලැබීය