හමුදා සාකච්ඡා වැඩසටහන - 2019

ජුලි 26, 2019

හමුදා සාකච්ඡා වැඩසටහන - 2019 හි 3 වන සැසිවාරය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. සංහිදියා යාන්ත්‍රණ පිලිබද සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCRM) අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද දෙදින සාකච්ඡාව සදුදා (ජුලි 22) දින ආරම්භ වූ බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් දැනුවත් කිරීම සහ ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් ‘හමුදා සාකච්ඡා වැඩසටහන - 2019’ සැලසුම් කර ඇත ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් මෙම වැඩසටහනට සහභාගී වූහ