රුසියාව ශ්‍රී ලංකාව සමඟ පවත්නා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සුදානම්

ජනවාරී 16, 2020

    • අන්‍යෝන්‍ය එකඟතාවයෙන් ආරක්ෂක සහයෝගීතාව තහවුරු කෙරේ.

රටේ ආරක්ෂක ගැටළු විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක ආරක්ෂක මෙහෙයුම් අගය කළ රුසියානු රජය, රටවල් දෙක අතර ආරක්ෂක හා ත්‍රස්ත විරෝධී සහයෝගීතාව වැඩි දියුණු කිරීමට එකඟ වී ඇත.

ශ්‍රී ලංකා හමුදාවන්හි ශක්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන ආයුධ සහ උපකරණ ලබා දීමට රුසියාව පොරොන්දු වී තිබේ

රටේ ආරක්ෂක ගැටලු විසඳීම සඳහා වන හමුදා මෙහෙයුම් පිළිබඳව මම සෑහීමකට පත්වන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශක්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ආයුධ සහ උපකරණ සැපයීමට රුසියාව සූදානම් ”යැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා පැවසීය.

විදේශ ඇමති ලැව්රොව් විදේශ සබඳතා සඳහා දක්වන සහයෝගීතා ක්‍රියාමාර්ගයන් පිළිබඳව සිය සතුට පළ කළ අතර, දෙරට අතර දීර්ඝ කාලීනව පුරා පැවති සබඳතා, විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක යන අංශයන් පිළිබඳව කොළඹදී මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිහිපත් කළේය.

අමාත්‍ය ලැව්රොව් මහතාගේ නායකත්වයෙන් යුත් 42 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායම සඳුදා (ජනවාරි 13) දින මෙරටට පැමිණ ආරක්ෂක, දේශපාලන, වාණිජ්‍ය, විද්‍යාව සහ තාක්‍ෂණය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව මෙරට නියෝජිතයන් සමග සාකච්ඡා කරන ලදී.

මෑතකදී අත්සන් කරන ලද හමුදා සහයෝගීතා ගිවිසුමට අනුව ආරක්ෂක සම්බන්ධීකරණය තුළින් ත්‍රස්ත මර්දන සහයෝගීතාව වැඩි දියුණු කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

ඉන්දියන් සාගර කලාපය කෙරෙහි මතුවෙමින් පවතින අවධානය ඉස්මතු කරමින් දෙපාර්ශ්වයම අනාගතයේ දී දියුණු වන ජාත්‍යන්තර වෙළඳාම වැඩි දියුණු කිරීම සඳහා එහි ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ වැදගත්කම පිලිබදව සාකච්ඡා කළහ.

අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව යටතේ වන වැඩසටහන් විග්‍රහ කළ අමාත්‍ය ගුණවර්ධන මහතා කියා සිටියේ ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩකාරී අන්තවාදය, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ නිසා ජාතික, කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂාවට ඇති තර්ජනයන් දෙරටම පිළිගෙන ඇති බවයි. රටවල් දෙක අතර ඒකාබද්ධ විසඳුම් හා පිළිවෙත් හුවමාරු කර ගැනීම සඳහා දෙරට අතර පවත්නා සහයෝගිතාව තවදුරටත් පවත්වාගෙන යන බවට දෙපාර්ශවයම පවසන ලදී.

රුසියානු විදේශ ඇමතිවරයා විසින් තම රටේ නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ සබදතා අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රා) කමල් ගුණරත්න මහතා සහභාගී විය.