ජනාධිපතිතුමන් විසින් යුධ හමුදා නිලධාරීන් 244 දෙනෙකුට නිල උසස් කිරීම් ලබා දෙයි

පෙබරවාරි 04, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදා නිලධාරීන් 244 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීම සිදු කර ඇත. යුධ හමුදා මාධ්‍යවලට අනුව බ්‍රිගේඩියර්වරුන් 17 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

එයට අමතරව ලුතිනන් කර්නල්වරුන් 45 දෙනෙකු කර්නල් නිලයට, මේජර්වරුන් 49 ක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන්වරුන් 42 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන්වරුන් 80 දෙනෙක් කපිතන් නිලයට, සහ දෙවන ලුතිතන්වරුන් 11 දෙනෙක් ලුතිතන් නිලයටත් උසස් කර ඇත.

72 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම නිල උසස්වීම් ලබා දී ඇති අතර එය මේ දක්වා යුධ හමුදාව තුළ මෙතෙක් ලබා දී ඇති විශාලතම උසස්වීම් ප්‍රමාණය ලෙස සැලකිය හැකිය.