මහනුවර ගොඩනැගිල්ලක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සහාය

ජනවාරී 09, 2019

මහනුවර නගරයේ පිහිටි බහුකාර්ය වාණිජ ගොඩනැඟිල්ලක ඊයේ (ජනවාරි 08) උදෑසන අතු වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සහාය වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම හදිසි ගින්න පිළිබඳව දැනගත් වහාම මහනුවර 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් ඉතා කඩිනමින් එම ස්ථානයට ලඟා වී යාබද ගොඩනැගිලි වලට ගින්න ව්‍යාප්තවීම වළක්වමින් ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයින්ට සහාය වී ඇත.

මහනුවර, යටිනුවර වීදියේ පිහිටි සිව් මහල් ගොඩනැඟිල්ලක ඊයේ උදෑසන ගින්නක් හටගෙන තිබේ. එම ගොඩනැගිල්ලෙ හි ඉහල මහල තුල සිරවී සිටි පවුලක් ගින්න නිවීමේ මෙහෙයුමේ නිරතව සිටි අයගේ ද සහාය ඇතිව නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වී ඇත.