නාවික හමුදා අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව 2019 ආරම්භ කෙරේ

ජනවාරී 09, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධනය කරනු ලබන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව -2019 (Asymmetric Warfare Course) පසුගිය සඳුදා (ජනවාරි 07) දින ආරම්භ කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම පාඨමාලාව විශේෂ යාත්‍රා බළඝනය විසින් සංවිධනය කරනු ලබන අතර එය ත්‍රිකුණාමලය නැගෙනහිර වරායේ දී පවත්වනු ලැබේ.

බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, පකිස්ථානය, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් ඇතුළු පුහුණුවන්නන් තිස්දෙදෙනෙකු (32), සති 12 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා සහභාගී වේ. මෙම පාඨමාලාවේදී අසමමිතික යුධ උපක්‍රම පිළිබඳව ශ්‍රීලංකා නාවික හමුදාව සතු දැනුම උපරිම අයුරින් ලබාදීම අපේක්‍ෂා කෙරේ. මෙම පාඨමාලාව අප්‍රේල් මස 02 දින අවසන් කිරීමට නියමිතව ඇත.