ශ්‍රී ලංකා සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

ජුලි 25, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව (SLN) සහ පාකිස්ථාන නාවික හමුදාව (PN) අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව බදාදා (ජූලි 24) දින සාර්ථකව අවසන් විය. නාවික හමුදා මාධ්‍යයට අනුව, දෙදිනක් පුර පැවැත්වූ ‘මාණ්ඩලික සාකච්ඡා’ අඟහරුවාදා (ජූලි 23) දින කොළඹ ලයිට් හවුස් ගැලේ හිදී ආරම්භ විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 13 දෙනෙකු සාකච්ඡාව සදහා සහභාගීවු අතර, එහි ප්‍රදානත්වය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් මහතා විසින් ද පාකිස්ථානු නියෝජිත පිරිසේ ප්‍රදානත්වය මෙහෙයුම් සැලසුම් ඒකකයේ සහකාර නාවික ප්‍රධානී කොමදෝරු කයිබර් සමාන් විසින් දරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල විසින් සමාරම්භක දිනයේදී පාකිස්ථානු නාවික නියෝජිත පිරිස පිළිගන්නා ලදි.

අන්‍යෝන්‍ය සබඳතාවල වැදගත්කම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම අරමුණු කරගෙන මෙම සාකච්ඡාව පැවැත්විණි