කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වු පාසල් දරු දැරියන් වෙත පාසල් උපකර බෙදාදේ

ජනවාරී 10, 2019

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් පිඩාවට පත් පාසල් සිසු දරු දැරියන් 800 ට අධික පිරිසක් සඳහා පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (ජනවාරි 07) දින පවත්වන ලදි. ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මගපෙන්විමේන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ඉල්ලිමකට අනුව ඩයලොග් ආසියාටා ආයතනය විසින් මෙම ප්‍රදේශයේ මෑතක දී පැවති ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්වූ පාසල් දරු දැරියන් වෙත අදාළ පරිත්‍යාග සිදුකර ඇත.

රුපියල් මිලියන 1.55 කට අධික වටිනාකමකින් යුත් පාසල් බෑග් සහ උපකරණ ගංවතුරෙන් පිඩාවට පත් පාසල් සිසු දරු දැරියන් 838 දෙනෙකු වෙත බෙදාදෙන ලදී. මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය කිලිනොච්චියේ ධර්මපුරම් මාධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නු‍ගේරා, ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරින් සහ ඩයලොග් ආයතනයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.