උතුරු පළාත් සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

ජුලි 23, 2019

මේ වසරේ අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස. (උ/පෙ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිකුරාදා (ජූලි 19) දින සංවිධානය කර තිබුණි. යුද හමුදා නිල වෙබ් අඩවියට අනුව මෙම භෞතික විද්‍යා සම්මන්ත්‍රණය 59 වන සේනාංකයේ සහ 592 බලසේනාවේ සම්බන්ධීකරණය යටතේ මුල්ලියවේලි විද්‍යානන්ද ජාතික පාසලේදී පවත්වන ලදී.

එක් දිනක් පුරා පැවති සම්මන්ත්‍රණයට විද්‍යනන්ද ජාතික පාසල, මුලතිව් විද්‍යාලය, වෙම්මලයි විද්‍යාලය සහ පුදුකුඩුඉරිප්පු විද්‍යාලය යන පාසල් නියෝජනය කරමින් සිසුන් 150 කට වැඩි පිරිසක් සහභාගි වූහ. මුල්ලියවේලි ලංකා බැංකු ශාඛාව මෙම සම්මන්ත්‍රණයට අනුග්‍රහය දැක්වීය.

පාසල් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නංවාලීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් මෙවැනි අධ්‍යාපන සම්මන්ත්‍රණ නිරන්තරයෙන් සංවිධානය කරයි