r Ministry of Defence - Sri Lanka

"අපි වෙනුවෙන් අපි" අරමුදල

අප ගැන


2008 අංක 6 දරන පනත යටතේ “අපි වෙනුවෙන් අපි” අරමුදල ආරම්භ කර ඇති අතර, මෙම අරමුදල මගින් යුද්ධයේදී මියගිය, අතුරුදහන්, ආබාධිත හා සේවයෙහි යෙදි සිටින සන්නද්ධ සේවාවල සාමාජිකයන් වෙ‍නු‍වෙන් පුර්ණ නිවාස ඉදිකර දීම (රු.මිලියන2) සහ අර්ධ නිවාස සම්පුර්ණ කර දීම සදහා (උපරිමය රු.මිලියන1) ආධාර ලබා දිමේ ව්‍යාපෘතියක් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය පහසුකම් “අපි වෙනුවෙන් අපි” අරමුදල මඟින් ලබා දෙන අතර, ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ඉදිකරනු ලැබේ.

මෙම නිවාස ව්‍යාපෘතිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන අතර, ආරක්‍ෂක ලේකම්තුමාගේ සෘජු මෙහෙයවිම හා මඟ පෙන්විම යටතේ ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘතියේ මුලික අරමුණ වනුයේ රණවිරුවා හා ඔහු වටා නිතතින්ම සම්බන්ධ වු රණවිරු පවුල් වල හෙට දිනය අභිමානවත් මෙන්ම නිවහල් හා සුරක්ෂිත භාවයකින් යුතුව ගොඩනැගිම සහ ඔවු‍න්ගේ හෙට දිනය අලෝකමත් කිරිමය.

මෙරට හා විදෙස් සංවේදි ජනාතාවගේ මුල්‍යාධාරයෙන් ගොඩනැගුණු “අපි වෙනුවෙන් අපි” අරමුදලේ මුලික පරමාර්ථය වනුයේ අඩු ආර්ථික මට්ටමකින් හෙබි හා රුදුරු ත්‍රස්තවාදය නිම කිරිමට උරදුන් සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ හිසට සෙවනක්, කුටුම්භයට නිවහනක් තනාදීම හෝ නිවාස ඉදිකර ගැනීමට මූල්‍යාධාර ලබාදීම මගින් ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරිමය.

“අපි වෙනුවෙන් අපි” අරමුදල යටතේ ව්‍යාපෘති වර්ග දෙකක් ක්‍රියාත්මක වේ.

පූර්ණ නිවාස ව්‍යාපෘතිය

                මෙම ව්‍යාපෘතිය යටතේ අරමුදලින් රු. 2,000,000.00 ක් වැයකර සියලු පහසුකම් වලින් සමන්විත කාමර තුනකින් (03) යුතු වර්ග අඩි 900 ක් පමණ වන අංග සම්පුර්ණ නිවසක් ඉදිකර දීම සිදු කරයි.

අර්ධ නිවාස ව්‍යාපෘතිය

           ඒ යටතේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස වල ඉතිරිව ඇති ඉදිකිරීම් සම්පුර්ණ කිරීම සදහා රු.1,000,000.00 ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ ලබාදීම.

               මෙම අරමුදල මගින් තෝරා ගනු ලබන රණවිරුවන් දීප ව්‍යාප්තව පැතිරී සිටින බැවින්, මුළු දිවයිනම ආවරණ වන පරිදි ප්‍රතිලාභීන් තෝරා දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණ නිලධාරීන් යොදවා සිදුකරනු ලබන අතර එහිදී ප්‍රතිලාභ ලබා ගැනීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.


පූර්ණ නිවාස ව්‍යාපෘතීන්හි නිවාස ප්‍රතිලාභීන්

  1. 2009.05.19 පෙර සේවයට බැදී තිබීම
   2. ක්‍රියාන්විතය හේතුවෙන් මියගිය/අතුරුදහන් රණවිරුවන්ගේ ළගම ඥාතීන්
   3. ක්‍රියාන්විතය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන් (ආබාධිත ප්‍රතිශතය 65%ට වඩා වැඩි)


අර්ධ නිවාස ව්‍යාපෘතීන්හි නිවාස ප්‍රතිලාභීන්

    1. ක්‍රියාන්විතය හේතුවෙන් මියගිය/අතුරුදහන් රණවිරුවන්ගේ ළගම ඥාතීන්
    2. ක්‍රියාන්විතය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්
    3. 2009.05.19 දිනට පෙර සේවයට බැදී ක්‍රියාන්විතයට දායක වූ සේවයේ නියුක්ත හෝ විශ්‍රාමික රණවිරුවන්


විමසීම්

ලිපිනය

        ලේකම්,
        “අපි වෙනුවෙන් අපි” අරමුදල,
        ආරක්‍ෂක අමාත්‍යාංශය,
        ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය,
        ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

දුරකථනය

        0112430860-6
        නිවාස ව්‍යාපෘති අංශය (Ext-10164)
        ගිණුම් අංශය (Ext-10162)

විද්‍යුත් තැපෑල

        නිවාස ව්‍යාපෘති අංශය - apismons66@gmail.com
        ගිණුම් අංශය - modawarepo@gmail.com

‘අපි වෙනුවෙන් අපි’ පුර්ණ නිවාස ව්‍යාපෘතිය සදහා අයදුම්පත  භාගත කිරීම



අපි වෙනුවෙන් අපි පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකර දීමට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදය


අපේක්ෂිත ක්‍රමවේදය

01. ප්‍රතිලාභ ඉල්ලුම් කරනු ලබන සියලුම රණවිරුවන්/ ලගම ඥාතීන් වෙතින් අයදුම්පත් කැඳවීම.

02. පහත සුදුසුකම් සහිත රණවිරු ප්‍රතිලාභීන් තෝරාගැනීම.


         සලකා බැලෙන කරුණු

  1. 2009.05.19 දිනට පෙර හමුදා සේවයට බැදී තිබීම
  2. ක්‍රියාන්විත රාජකාරි හේතුවෙන් 65% කට වැඩි ආබාධිත ප්‍රතිශතයක් හිමි ශ්‍රම හැකියාවක් නොමැතිව සිටීම හෝ ක්‍රියාන්විත රාජකාරී හේතුවෙන් මියගිය රණවිරුවෙකු වීම
  3. යුද හමුදා මේජර් නිලයට සමාන හෝ ඉන් පහළ නිලධාරියෙකු හෝ සෙසු නිලයෙකු වීම
  4. විවාහක වීම, දරුවන් සිටීම හා සෙසු නිලයක සේවය කළ අයෙකු වීම ප්‍රමුඛතාවයකි
  5. පදිංචිය සඳහා තමාටම කියා නිවසක් නොමැති බව තහවුරු කිරීම
  6. නිවස ඉදිකිරීමට ඇති ඉඩමේ අයිතිය තමාටම හෝ කලත්‍රයා සතුව තිබීම
  7. අදාල පලාත්පාලන ආයතන මගින් ඉඩමේ සැලසුම සඳහා අනුමැතිය ලබා ගෙන තිබීම
  8. වෙනත් ආයතනයක් වෙතින් සුභසාධන ආධාර ලබා නොතිබීම
  9. රෙජිමේන්තු නිර්දේශය

03. පදිංචිය සඳහා නිවසක් දෙමාපිය උරුමයෙන් හෝ නොමැති බව ග්‍රාම නිලධාරී සහතික මගින් තහවුරු කළ යුතුය.

04. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන තොරතුරු සහ අදාල නිර්දේශයන් සලකාබලා සුදුසු බව නිරීක්ෂණය වුවහොත් අදාල සම්බන්ධීකරණ නිලධාරීගේ අධීක්ෂණයෙන් පසු නිශ්කාශන වාර්ථා කැඳවීම.

05. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නිරීක්ෂණ සහ නිශ්කාශන අනුව ප්‍රතිලාභ ලැබීමට සුදුසු බවට තෝරා ගත් රණවිරුවන් ගිවිසුම් සදහා එළඹවීම.

06. වෙන්කර ඇති නිවාස සැලසුම් අතරින් ඉඩමේ ඉඳිකිරීමට සුදුසු සැලසුම තීරණය කිරීම හා නියම කරනු ලබන වැඩකණ්ඩායම්හි ශ්‍රමය යොදා අමාත්‍යාංශය තීරණය කර ඇති ක්‍රමවේදයන් යටතේ නිවාස ඉඳි කිරීම.

07. නිවස සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඇස්තමේන්තුගත මූල්‍ය ප්‍රතිපාදන අදියර 3 ක් යටතේ අවශ්‍යතාවය පරිදි ආපසු අයනොකරන මූල්‍ය පරිත්‍යාග ලෙස ලබාදීම.
        1 වන අදියර - රු. 700,000.00
        2 වන අදියර - රු. 700,000.00
        3 වන අදියර - රු. 580,000.00


සටහන -
 * ඉහත මූල්‍යාධාර ප්‍රතිලාභියා වෙත ලබාදීමෙන් පසු අදියරෙන් අදියරට අදාල ඉංජිනේරු අමුද්‍රව්‍ය මිලදීගෙන ලබාදිය යුතු අතර, නිවසේහි ඉදිකිරීම් හමුදා වැඩ කණ්ඩායම් මගින් සිදුකෙරේ.
 * මෙම මූල්‍ය ආධාර එක් රණවිරුවෙකු සඳහා එක්වරක් පමණක් හිමිවන අතර පදිංචි දිස්ත්‍රික්කය අදාල නොවේ.


         පූර්ණ නිවාස අයදුම්පත සමග ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන

          (අයදුම්පතේ මුල් පිටපත ද සමග ඉදිරිපත් කල යුත්තේ පහත ලේඛනවල සහතික කළ පිටපත් වන අතර, සියළුම ලේඛනවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේදී අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය)

  1. නිවස ඉදිකිරීමට අපේක්ෂිත ඉඩමේ ඔප්පුව / බලපත්‍රය (විකුණුම්කරයක් හෝ තෑගි ඔප්පු ආදී ඔප්පුවක් නම් ලියාපදිංචි කර තිබිය යුතුය. රජයේ මහවැලි හෝ LRC වාර්ෂික ඉඩම් බලපත්‍රයක් නම් වලංගුව පැවතිය යුතුය. දීර්ඝ කාලීන බලපත්‍රයක් හෝ දීමනා පත්‍රයක් වුවද කොන්දේසි උල්ලංඝණය නොකොට භුක්ති විදිමින් සිටිය යුතුය. අයදුම්කරුට හෝ කාලත්‍රයාට අනිවාර්යයෙන් අයිතිව තිබිය යුතුය. සම්මුඛ පරීක්ෂණයේදී මුල් පිටපත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය)
  2. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගත් අවසාන පත්තිරුව (අයදුම් කරන දිනට මාස 01 කට වඩා පැරණි නොවිය යුතුය)
  3. අදාළ පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද ඉඩමේ සැලසුම
  4. රණවිරුවා මියගොස් නම් මරණ සහතිකය/ රණවිරුවා ආබාධිත නම් ප්‍රතිශතය සදහන් වාර්තාව හා ආබාධිත වීම පිළිබදව පරීක්ෂණ වාර්තාව හෝ හමුදාපති නිගමණය යන ලේඛන දෙක
  5. අයදුම්කරුගේ ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපතක්
  6. විවාහක නම් විවාහ සහතිකය
  7. දරුවන් සිටියි නම් උප්පැන්න සහතික
  8. දැනට පදිංචි ස්ථානයට අදාලව ග්‍රාම නිලධාරි සහතිකයක් (ඩී.එස් 04 ආකෘතියෙන්)
  9. පදිංචියට නිවසක් නොමැති බවට ග්‍රාම නිලධාරි විසින් ලබාදෙන ලිපියක් (දැනට පදිංචි නිවසේ සාමාජිකයින් සංඛ්‍යාව, කුලී නිවසක පදිංචි නම් ඒ බව හා පදිංචි කාලය, උරුමයෙන් හිමිවන නිවසක් තිබේද යනාදී තොරතුරු ඇතුලත් විය යුතුය. අයදුම්කරු ලියන ලද ලිපියක් සහතික කිරීම පිළි නොගැනේ.)
  10. අවසාන මාසයේ වැටුප් පත්‍රිකාවේ පිටපතක්
    එම අයදුම්පත් සලකා බලා අවශ්‍ය ඉදිරි උපදෙස් හා ලිපි ලේඛන සම්පූර්ණ කර ගැනීමට සහය, නිර්දේශ පහත ආයතන විසින් ලබා දෙනු ඇත.

රණවිරුවා අයත් කාණ්ඩය ආයතනය යොමු කළ යුතු ලිපිනය ෆැක්ස් අංකය විද්‍යුත් තැපැල් ලිපිනය දුරකථන අංකය
යුධ හමුදාවේ සියළුම රණවිරුවන් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර 011 2514842 dva@army.lk 011 4051139,40
නාවික හමුදාවේ සියළුම රණවිරුවන් නාවික හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ, නාවික හමුදා සුභසාධක අංශය, නාවික හමුදා මූලස්ථානය, කොළඹ 011 2395057 dnw@navy.lk 011 7190000/011 7192000
ගුවන් හමුදාවේ සියළුම රණවිරුවන් ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ, ගුවන් හමුදා සුභසාධක අංශය, ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර 011 2411044 slafwelfare@gmail.com 011 2340436
පොලිසියේ සියළුම රණවිරුවන් පොලිස් සුභසාධක කොට්ඨාශය අධ්‍යක්ෂ, පොලිස් සුභසාධක කොට්ඨාශය, නො.78, මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14 011 2323075 digwalfare@ police.lk 011 2323095

(වැඩි විස්තර සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අපි වෙනුවෙන් අපි අරමුදල - 011 2430860 - 6 දිගුව 10164/10162)


අඩක් ඉදිකරගත් නිවාස සම්පුර්ණ කරදීමේ (අර්ධ නිවාස) ව්‍යාපෘතිය සදහා අයදුම්පත  භාගත කිරීම



අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකර දීමට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදය


අපේක්ෂිත ක්‍රමවේදය

01. ප්‍රතිලාභ ඉල්ලුම් කරනු ලබන සියලුම රණවිරුවන්/ ලගම ඥාතීන් වෙතින් අයදුම්පත් කැඳවීම.

02. පහත සුදුසුකම් සහිත රණවිරු ප්‍රතිලාභීන් තෝරාගැනීම.


සලකා බැලෙන කරුණු

  1. 2009.05.19 දිනට පෙර හමුදා සේවයට බැදී තිබීම
  2. ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිට තිබීම
  3. සෙසු නිලයක සේවය කළ අයෙකු වීම ප්‍රමුඛතාවයකි
  4. විවාහක වීම (පූර්ණ ආබාධිත හා මියගිය රණවිරුවන් සහා අදාල නොවේ)
  5. පදිංචිව ඇති නිවස මුල් සැලසුමට අදාල වන ලෙස සම්පූර්ණ කර ඉදිකර නොමැති බව තහවුරු කිරීම
  6. නිවාස සැලසුමට අනුව බිත්ති ඉදිකර වහල සෙවිල කර නිම කිරීම දක්වා අඩුම වශයෙන් නිවස නිම කර තිබීම
  7. දෙමහල් නිවාස සැලසුම්හි බිම් මහල සම්පූර්ණ කිරීමට ඇති අවශ්‍යතා සඳහා පමණක් ආධාර ලබාදීම
  8. නිවස ඉදිකිරීමට ඇති ඉඩමේ අයිතිය තමාටම හෝ කලත්‍රයා සතුව තිබීම
  9. අදාල පලාත්පාලන ආයතන මගින් ඉඩමේ සැලසුම සඳහා අනුමැතිය ලබා ගෙන තිබීම
  10. වෙනත් ආයතනයක් වෙතින් සුභසාධන ආධාර ලබා නොතිබීම
  11. රෙජිමේන්තු නිර්දේශය

03. පදිංචි නිවස නියමිත සැලසුමට අදාලව ඉදිකර නොමැති කොටස් වලින් සමන්විත බව සහතික කරන ලද ඡායාරූප මගින් තහවුරු කළ යුතුය.

04. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන තොරතුරු සහ අදාල නිර්දේශයන් සලකාබලා සුදුසු බව නිරීක්ෂණය වුවහොත් අදාල සම්බන්ධීකරණ නිලධාරීගේ අධීක්ෂණය යටතේ ප්‍රමාණ සමීක්‍ෂක වරයෙකු යොදවා රු.1000,000.00 ක උපරිමයකට යටත්ව ඇස්තමේන්තු කිරීම.

05. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නිරීක්ෂණ සහ ඇස්තමේන්තු අනුව ප්‍රතිලාභ ලැබීමට සුදුසු බවට තෝරා ගත් රණවිරුවන් ගිවිසුම් සදහා එළඹවීම.

06. නිවස සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඇස්තමේන්තුගත මූල්‍ය ප්‍රතිපාදන අදියර 3 ක් යටතේ අවශ්‍යතාවය පරිදි ආපසු අයනොකරන මූල්‍ය පරිත්‍යාග ලෙස ලබාදීම.
        1 වන අදියර - රු. 330,000.00
        2 වන අදියර - රු. 330,000.00
        3 වන අදියර - රු. 330,000.00

07. ලබාදෙනු ලබන පරිත්‍යාග අදියරයන් ලෙස ලබාදීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරන නිලධාරීන්ගේ නිර්දේශ සලකා බලනු ලැබේ.

සටහන -
  * ඉහත මූල්‍යාධාර ප්‍රතිලාභියා වෙත ලබාදීමෙන් පසු අදියරෙන් අදියරට අදාල ඉංජිනේරු අමුද්‍රව්‍ය මිලදීගෙන ලබාදිය යුතු අතර, නිවසේහි ඉදිකිරීම් හමුදා වැඩ කණ්ඩායම් මගින් සිදුකෙරේ.
  * මෙම මූල්‍ය ආධාර එක් රණවිරුවෙකු සඳහා එක්වරක් පමණක් හිමිවන අතර පදිංචි දිස්ත්‍රික්කය අදාල නොවේ.


         අර්ධ නිවාස අයදුම්පත සමග ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන

         (අයදුම්පත් සමග ඉදිරිපත් කල යුත්තේ සහතික කළ පිටපත් වන අතර, සියළුම ලේඛනවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේදී අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය)

  1. නිවස ඉදිකර ඇති ඉඩමේ ඔප්පුවේ / බලපත්‍රයේ පිටපතක් (විකුණුම්කරයක් හෝ තෑගි ඔප්පු ආදී ඔප්පුවක් නම් ලියාපදිංචි කර තිබිය යුතුය. රජයේ මහවැලි හෝ LRC වාර්ෂික ඉඩම් බලපත්‍රයක් නම් වලංගුව පැවතිය යුතුය. දීර්ඝ කාලීන බලපත්‍රයක් හෝ දීමනාපත්‍රයක් වුවද කොන්දේසි උල්ලංඝණය නොකොට භුක්ති විදිමින් සිටිය යුතුය. අයදුම්කරුට හෝ කාලත්‍රයාට අයිතිව හෝ පසු අයිතිය නම් කොට තිබිය යුතුය. මුල් පිටපත සම්මුඛ පරීක්ෂණයේදී අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය. එය නිවාස ණය සදහා බැංකුවට උගස් කර ඇති නම් බැංකු කළමනාකරු විසින් ඒ බව සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය)
  2. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගත් අවසාන පත්තිරුව (ඔප්පුව / බලපත්‍රය අයිතිය සනාථ කිරීමට ප්‍රමාණවත් නැති විට පමණක්. අයදුම් කරන දිනට මාස 01 කට වඩා පැරණි නොවිය යුතුය)
  3. අදාළ පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද නිවසේ සැලසුමේ පිටපතක් (සම්මුඛ පරීක්ෂණයේදී මුල් පිටපත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය)
  4. අදාල පළාත් පාලන ආයතනය විසින් නිකුත් කළ විදි රේඛා හා නොපවරා ගැනීමේ සහතිකය
  5. අයදුම්කරුගේ ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපතක්
  6. විවාහක නම් විවාහ සහතිකය හා දරුවන් සිටියි නම් උප්පැන්න සහතික
  7. දැනට පදිංචි ස්ථානයට අදාලව ග්‍රාම නිලධාරි සහතිකයක් (ඩී.එස් 04 ආකෘතියෙන්)
  8. පදිංචියට නිවස අඩක් ඉදි කර ඇති බවට ග්‍රාම නිලධාරි විසින් ලබා දෙන ලිපියක් (දැනට පදිංචි නිවසේ සාමාජිකයින් සංඛ්‍යාව, එහි පදිංචියට සිටියි නම් එම කාලය, කුලී නිවසක පදිංචි නම් ඒ බව හා පදිංචි කාලය, සම්පූර්ණ කර ගත යුතු කොටස් යනාදි තොරතුරු ඇතුළත් විය යුතුය.අයදුම්කරු ලියන ලද ලිපියක් සහතික කිරීම පිළි නොගැනේ)
  9. නිවසේ ඉදි කළ යුතු කොටස්වල ඡායාරූප 06 (අදාල අයගේ නිවස බවට හා නිවස නියමිත සැලසුමට අනුව ඉදි කර නොමැති කොටස් වලින් සමන්විත බවට දිනය ද සහිතව ග්‍රාම නිලධාරි විසින් පසුපිටේ සහතික කළ යුතුය)
  10. අවසාන මාසයේ වැටුප් පත්‍රිකාවේ පිටපතක්
  11. රණවිරුවා මියගෝ නම් මරණ සහතිකය / රණවිරුවා ආබාධිත නම් ප්‍රතිශතය සඳහන් වාර්තාව සහ ආබාධිත වීම පිළිබඳව පරීක්ෂණ වාර්තාව හෝ හමුදාපති නිගමනය යන ලේඛන දෙක
  12. අයදුම්කරුගේ පවුලේ ආබාධිත අයවලුන් හෝ අසාධ්‍ය රෝගවලින් පෙළෙන අය සිටියි නම් ඒ බව තහවුරු කළ හැකි ලේඛන
    එම අයදුම්පත් සලකා බලා අවශ්‍ය ඉදිරි උපදෙස් හා ලිපි ලේඛන සම්පූර්ණ කර ගැනීමට සහය, නිර්දේශ පහත ආයතන විසින් ලබා දෙනු ඇත

රණවිරුවා අයත් කාණ්ඩය ආයතනය යොමු කළ යුතු ලිපිනය ෆැක්ස් අංකය විද්‍යුත් තැපැල් ලිපිනය දුරකථන අංකය
යුධ හමුදාවේ සියළුම රණවිරුවන් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර 011 2514842 dva@army.lk 011 4051139,40
නාවික හමුදාවේ සියළුම රණවිරුවන් නාවික හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ, නාවික හමුදා සුභසාධක අංශය, නාවික හමුදා මූලස්ථානය, කොළඹ 011 2395057 dnw@navy.lk 011 7190000/011 7192000
ගුවන් හමුදාවේ සියළුම රණවිරුවන් ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ, ගුවන් හමුදා සුභසාධක අංශය, ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර 011 2411044 slafwelfare@gmail.com 011 2340436
පොලිසියේ සියළුම රණවිරුවන් පොලිස් සුභසාධක කොට්ඨාශය අධ්‍යක්ෂ, පොලිස් සුභසාධක කොට්ඨාශය, නො.78, මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14 011 2323075 digwalfare@ police.lk 011 2323095

(වැඩි විස්තර සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අපි වෙනුවෙන් අපි අරමුදල - 011 2430860 - 6 දිගුව 10164/10162)